පහන් වූ උදෑසන
පහන් කණුවෙන් කණුව
ලකුණු සටහන් ගණින
කෙසඟ සිරුරක් සරයි පහන් එළි
නිවන්.......
පහන් කණුවෙන් කණුව
වරු දෙකක පා සටහන් තබන
පියගැට පෙළ මතම
ගත වෙහෙස හැර බැහැර
අත දිගැර එළි බෙදන
පින් මගක ඉසව්වක
සැරිසරන ඒ කෙසඟ මිනිස් රුව.......
කොළ දුමක් උරණා
හප කට සිනා පානා
මෙතේ බුදු බව පතනා
ආත්මෙද නුඹ පෙරුම් පුරණා.......?
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment