නුඹෙ දුකට සින්න වුන
අඳුරු ඒ අවුරුද්ද
භීතියක සිත වෙලෙන
මතකයට සිත දුවන
දුක් කඳක් තුරුළුකර
දිවි ගමනේ තනිව අද 88 වැනි අවුරුද්ද………
සතුට රැඳි කඩඉමක
කෙසේ මම සමරන්න
නුඹෙ අඩුව දැන දැනම
නුඹෙ සිහින ඩැහැගත් දිනට සම
ශාපලත් දේශයක 1988 අවුරුද්ද………
පුතේ ආරියපාල......
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
(නිමිත්ත: අපගේ ගම් ප්රදේශයේ වෙළඳාම් කරමින් ජීවිකාව ගැට ගහගත් ආරියපාල නම් තරුණයකු 1988 අවුරුද්දේ මුල් භාගයේදී කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදහන් විය. අවිවාහක පුද්ගලයෙක් වූ ඔහුගේ අතුරුදන් වීමත් සමග ඔහුගෙන් යැපුන මහලු මව අන්ත අසරණ තත්වයකට පත්ව අවුරුදු 90 ක් පමණ ආයු වළඳා අභාවප්රාප්ත විය. ඇගේ 88 වැනි උපන්දින දවස පුතු අතුරුදන්වූ අවුරුද්ද මතකයට නංවන අවස්ථාවක් වූ අතර එය ඇයට ඉතා දුක්මුසු හැගීම් ගෙන දෙන අවස්ථාවක් විය.
අප සමාජයේ මෙවැනි වැලලී ගිය ජනගත නොවූ සිදුවීම් කොතෙකුත් ඇත. ඒ අසරණයන් වෙනුවෙන් කිසිදු සාධාරණයක් ඉටුවීද නැත.)
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment