සිතක් සන්සුන් නෙතක් සන්සුන්
අහෝ මිනිසුන් කනවැලට හුරු
ගමන ඔහෙ දුවනා
හැල්මෙ දුවනා මුව පොවන්ගේ
සොඳුරු නෙත ගැටෙනා
ලියූ කව් පුළුටක් තබන්නට
තැනක් කොහෙ කොතැනා
අහම්බෙන් නෙත් කොණක ගැටුමට
මගේ කව් පුළුටක් තබන්නෙමි......
මගේ කව් පුළුටක් තබන්නෙමි......
රුදුරු නියගෙක කඳුළු වපුරා
දුකම පැලකොළට බතක් කොරනට
අනෝරා වැස්සකට ගෙට ගත්
සුණු සහල් කවරේ........
මගේ කව් පුළුටක් තබන්නෙමි......
මහ මගක වට රවුම් වටකොට
උස් හඬින් උස් දෑත් ඔසවන
උන්ගෙ අතරැඳි තොරොම්බල් වැකි
ලියු පුවරු දෙකොණේ......
මගේ කව් පුළුටක් තබන්නෙමි......
මහ උයන් වනසෙන්පතින් යට
බඩත රැකුමට මගක් නැති උන්
නිදා නොනිදා රැය පහන් කළ
කරදහිය ලූ සයනේ.......
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment