බරණ.....
ඔව් ඔබ....
මොන විකුම් මිනිසෙක් ද?
පිරුවට ඇඳ පේවී
දොහොත් මුදුන් වැඳ
රියන් උස් ගල් සිවුරු රැළි රටා
ලන්දේ සැඟවුණ
ගල් කන්දකට ඇන්දූ බරණ....
නුඹ මොන විකුම් මිනිසෙක් ද?
මෙත් මුදිතා දෑස් අගින් වෑහෙන
ගල් පිළිමයක් නිමවා
අතපය රිදුම් පිරි මැද සතුටු වූ බරණ.....
නුඹ මොන විකුම් මිනිසෙක් ද ?
අඳන කඩ පඬු සිවුරු
අවුකන බුදු සමිඳුට ඇන්දූ
ගන්දබ්බයන් අතර...
බරණ...
නුඹ මොන විකුම් මිනිසෙක් ද?
සතර අතට වනනා වැදි බණ අසන
දහම මෙයයි දෙසු බුදු බණ නිසි නොදැන
සසර ගමන මග අලසව තණ බුදින
සැඟවූ දෙයක් ලෙස මුන් සොයනව නිවන
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment