විරුවන් දිනෙන් දින මරු වන පිම් බිමක
මට ඇති සැකය නම ඇතිදෝ සල්පිලක
සැමදා තැවුන මගෙ මව් සිත දරු දුකක
නඩ රාජා වෑදූ සෙල්ලම්මා අම්මා
සුමනසිරිට කිරි තොලගෑවෙත් අම්මා
තුම්පත් රෑනේ තුන් වැනි පුරුකත් අම්මා
වෙහෙරක් උසට දරු දුක් ඉහිලූ අම්මා
සෙල්ලිපි බොල් වියැට වී දිය වන යුගය
ගං දිය දෙපලුවූ නයි බණ කොමිටල්ය
මට ඇති සැකය හෙට නුඹේ නම ඇති තැනය
මගෙ නෙත පහන් කරවන සිල නිශ්චිතය
වදන හදන විට නුබ නැති අද දිනය
හද තුල නමට වෙන් වූ ඉඩ සම තැනය
නුබ නැති හෙට දවස කටු කොහොලින් බරය
බෙහෙත් තුණ්ඩුවට අත දුන් පොඩි පුතුය
මිනිමල් පිපි බිමක කෙලවර නුබේ නමට
වෙන්වූ බිම් කඩක මැවෙනා නුබෙ රුවට
පහනක් තබමි දෝවා නෙත් කදුලු කැට
පතමින් සසර මග කෙලවර නිවනකට
------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment