-
මහවැලිය ගං කොමලි
සිහිනිඟෙහි තැන් සොයා
දිය රළට රටා මැවූ
සිනිදු සළු දවටලා
හැගුම් පිරි පන්හිඳක්
සිත් දෑලේ සඟවලා
අකුරු කෙරුමට නොහැක
ගං දෑල වනසලා
තේ දල්ල වී දල්ල
සිත් රිසිසේ පල දරා
වංක ගොවි හැඟුමන්ට
නැමි කරල් හිනැහීලා
අඟවන්නේ කවරක්ද
නොතේරෙන අය්යලා
ගඟ දියඹ වනසන්නේ
පාන මධුවිත සිනා
වැලි තොටට මිණි තොටට
සින්න උන පිං බිමේ
වැලලුනේ මුදු ස්වරය
අඬහැරය දුම්බර කෙතේ
අරවින්ද පුබුදන්න
මහියංගන සෑ බිමේ
රන් කෙණ්ඩි පුරවන්න
ඉඩ වේද හෙට දිනේ
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili

No comments:
Post a Comment