තිතක් වන් සිය පොලවෙ උරුමය ළකුණු කර සේ රැකවලා
දොසක් පමණක් උරුමයම කොට හඬන මොණරුනි ඉවසලා
පිලක් හළලා යන්න ගියේ ඇයි හඬන පොඩි උන් දෙස බලා
නියං යකු ඩැහැ ගත්ත හින්දා පොළවෙ සේරම වැසි බිඳූ
හතර අත උන් සරණ ඒ බිම මැවෙයි නොනිමෙන ගිණි කඳූ
සියලු සත්වග නිජ බිමත් හැර සොයයි තිබහට දිය බිඳූ
මොණර ගීතය ඉපල් මුදුනත වියලි බිම් කඩ සන්සිඳූ
කඳසුරිඳු ළඟ බලය තෙද බව යනෙන උන් හට පවසලා
මොණර පිල් දුක් මිටක් වනමින් පිහිට විකුණන උන් බලා
අහෝ මොණරුණි පිළත් සඟවා වහන් වෙය කැළයට වෙලා
ලංසුවට නුඹෙ පිලත් සල්පිලෙ සොයන දෙවියන් බිහිවෙලා
පිල් විදා නුඹ රඟන තාලය මයුර පාදම හරි හැඩයි
කිසිත් නොතකා පස්ස පමණක් වනන උන් දැක හරි දුකයි
නියං රකුසකු නොතකමින් නුඹෙ බිමට බැඳි පෙම නිශ්ඵලයි
සුදුසු දිය පිරි හරිත බිම් කඩ සොයා පලයන් අවසරයි
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment