යෝධ ඇළ කණ්ඩියේ හරිත නිල්ලට මුසුව
ගලන දෙස ඉඟි නොකර ඈ ගලයි පෙරසේම
වියැකි ගිය මතක පොද ඇළ නැම්ම හා සමව
ගඟ මුහුණ ඉඟි කරයි පෙර මතක රැලි සමග
වලා සුදු සේල පිරි කලා වැව් දිය දහර
මුවාකල මුව කමල පෙර දිනක ඇළ දුටුව
එක්ව මා සමග මිස වෙන්ව නොදුටුව ඇළම
සීරුවෙන් මිමිණිල්ල පෙර මතක පද සුවඳ
අප්සරාවියන්
දැක යනෙන ඉම සැරිසරණ
යෝධ ඇළ කසුකුසුව දියකෙලිය පෙරදුටුව
සුදු නෙළුම් පොකුර ගෙන සුදු සේල රුව දුටුව
යෝධ ඇළ ඇලවුනා අවුකනදි බුදු සිරස පෙනි පෙනිම.....
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment