සයනකොන කෙළවරක
ඇස් ඇර බැලු විගස
මම දැක්කෙ එයාව......
මම හොඳට එයා දිහා බැලුවා
එයා හිටියෙත් මං දිහාවම බලාගෙන....
ඒ ඇස්..
වලින් එන රැස්...
මාව වශි කරා....
විටෙක අහිංසක...
විටෙක රාගික....
විටෙක මලානික මුත්....
ශේෂ වුන ආදරයක්
ඒ දෙ ඇස් යට තිබුණා
මං කණාමැදිරින්ට හිතින් වෙඩි තිව්වා....
තරු එළියට වෛර කළා...
රෑ රැහැයියන් එලෙව්වා.
රෑ රී.... රී.... හඬට වෛර කළ මා
එයා ගැනම සිතුවා...
සහකාරියකගේ ඉසව්වක
සුසුම් ලන බකමුහුණකුගේ නුරා හඬට.....
උලලේනකුගේ පාළු අඳෝනාවට
මා වෛර කළා.....
මං කැමති වුනෙ එයාට
එයාත් මට කැමැති ඇති....
අනෙක කොහෙද ???
අකමැති වෙන්න හේතුවක් ???
මම මගෙන්ම රහසින් ඇහුවා....
මං එයාව හීනෙන් ඉම්ඹා.
කඩුපුල් මල් පොකුරක
රුව දුටුව මා....
එයා මට මල් මිටක් එවලා...
කියා මා සිතුවා....
රෑ කුමාරි මලේ සුවඳ.....
එයාගෙන් හමන සුවඳක්
ලෙස මම සිතුවා...
දැන් එයා මගේ....
මම එයාගේ.....
මම එහෙම හිතුවා...
කෙදිනක හෝ එයා මං ළඟට ඒවියැයි
මම සිතුවා
එයා එනකම් මං මග බලන් හිටියා.
කදුළු පිරි දෙනෙතින්.....
වගේම නොනිමි ආශාවෙන්....
එක දවසක.....
වැහි වලා බර සැඳෑවක...
හෙමින් හෙමින් රහසින්
කවුළු දොරින් මිමිණූ එයා
මා ළඟට ආවා.....
එයා එයාගේ
පියවි සිහියෙන්
කට හඬින් මිමිණුවා....
මට යාන්තමට ඇහුනා.....
මම...... සඳක්....!!!
හිරුගෙන් ගත් ණය එළියට
හිලව්වට දිලිසි දිලිසි හිනැහෙන
වැහි වලා ඇති දාට
ඔබ හා සමානව....
සලාක ආදරයක් සැමට බෙදන....
මම සඳක්......!!!
ඔබ සඳක්....???
ඔව් මම සඳක්....!!!
ඔබ මට තවත්.....
රැයක පිපුණ එක් මලක්...
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment