කැකුළු කොලුවගේ වාසිටි බණ
කැකුලිගේ කන්දක් උසට වන කෙඳිරිය මැද....
තුලාවෙන් බැහැර වුන
මුලාවුන පසුම්බිය
සිහින කඳු ලොවක් මැද
අනෝරා වැහි දිය මැද....
එකින් එක නුහුරට
පෙලගැස්ම නොගැලපෙන
කිසිත් නොවටිනා වටිනාකම් අතර
ඔබේ වටිනාකම එලෙසමයි අම්මේ.......
පොරබදන හැල්මේ දුවන
කරකැවෙන ඇඹරෙන
බිඳුන කැඩපත දෙකක් පෙන්වන
තනි මුහුණ….
නීරස බව….
ජීවිතයලු….
උරුමයලු.....
අත්පොත් තබා අකුරු ගැට ගැසූ ඈට
සිත් පිත් නැතිව උසුලන්නට දුන් බරක්... !
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment