නෙක වන් පෙති දරා
පර මල් හැලී ගිය
නටුවෙ වන් මල නොතලා රොණ් ගත්
සොබාවට අවනතවු
රොණට ලොල් බඹරා.......
රොන් සුවඳ වැදි ඉමක්
කොහේ වෙද සොයනු දුටු
ලපටි පල පොහොට්ටුව
බියගුළුව සැඟවුනෙම
පෙති පිරුණු මලක් යට.......
සාහසික මල් කෙල්ල බොටුව සිඳ
බලෙන් පිපි පොහොට්ටුව
පිපී පරව යන මොහොත නොදැන
නැවතුනෙම මලඅස්නෙ කෙළවරක
රිදුම් පිරි හැඟුම් මැද.......
වන්න ගන්ධ ගුණෝපේත
සවනත වන්න පෙර
අසල කසල ගොඩ කෙළවර
ඇසුණි සියුම් නෑඹුල් හඬක්
බලෙන් පිපි පොහොට්ටුව
රිදුම් පිරිමදිමින් හඬන.......
ඒත් ප්රිය සහෘදය.......
බඹර ගූමු නඳට බිය
නෑඹුල් පොහොට්ටුව
සොයන්නෙම සීරුවට
සසර මග සතුරෙක් සේ
බඹර මග හැර යන්න.......
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment