මහ මග දුක් කඳුළු පුරා
දිරියෙන් සිරියම පැල කොට
දෙන වෙන ලද දෙය නොතකා
හිමිදිරි පින්බර මුහුණින්
මග අමදින්නී.....
නිල්ල පිරුණු තේයායක
දැල් කූඩෙට දිවිය
නෙලන
සිරිය ගෙනෙන තංගම්මා
කට හප රතු
දසන් විදා
සිත සරසන්නී.......
රුදුරු ඉඩෝරය ඉවසා
කෙතේ සුවඳ බතට
හලා
මහ පොළවට නිල්
දියඹට
වැඳුම් පුදා කිරි අහරින්
බත සරසන්නී....
ඕලු නෙළුම් මානෙල්
මල්
පොකුරු පොකුරු දෑත දරා
වන්දනාවක බරට කිරා
මහ සෑ නඬ
පිරිවර මැද
මල් ඇතුරන්නී....
යායුතු පෙල සිටි යුතු
පෙල
රිය සක පෙල
අවනත කර
කිසි විට කිසි
හොඳක් නොදැක
තුට්ටු දෙකට බැණුම් කදක්
දෙවුර දරන්නී......
දොරකඩ මල් පැසක් තබා
නින්දා සිත නිදි ගන්වා
අමිහිර මිහිරක දවටා
මහ වැසිකිළි දොර
අහුරා
කාසි යදින්නී
ලොව වසනා මෙවන් මව්වරුන්ටත් සුබ මවුවරුන්ගේ දිනයක් වේවා...!!!
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment