සොඳුරු සිහිනයකි එය
රාස්සිගේ අව්ව මුසු
ඉර බසින සැඳෑව.......
කිරි කඳුල මුසු ඇස් කෙවෙනි අග
කැකිල්ල ළපටි ගාල් පා පැහැරුම්
රිදුම් පිරි මැදුම් හඬ මුවග.......
කට්ටියක ගේ අඳෝනාවක්ව
කටිටියක ගේ සොඳුරු ගීතයක්ව
කට්ටියක කිරි සාර උපදන
කට්ටියක කිරි ගස් සැණින් දළුලන.......
එකින් එක කිරිමව් ගස් අතර
නොගැලපෙන පෙල ගැස්මව
මිඳුන රබර් කිරියෙන් ඇඹූ
උපමා රූපක විරල බලාපොරොත්තු.......
'ගල් කාලක" කටගැස්මව
දුකට සින්න වූ සිත්හි මුඳවන
දුක සිතීම ම සතුට කොට
වෑහෙන කර ගැහැට සිත් දුකින් මුදවන.......
බලාපොරොත්තු අවුළ් යවුල්
හද පතුල් විදවන
ජීවිතයම මෙයැයි කියා පෙර ඇඳි සිත්තම තරවටුවෙන් විඳවන
ජීවන කෙම්බිම.......
කිරි කට්ටියක රටා මවන
රාස්සිගේ අව්ව මුසු
ඉර බසින සැඳෑව.......
-------------------------------------------------------------------------
(සේයාරුව මාගේ ගැලරියෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment