සුද සොය සොයා ඉනවට බැඳ කඩ නූල
හිත අග පමණ ගත වට දැල් රෙදි කඩව
පන්සිල් පසෙක මෙනෙහිව කඩමලු දහම
මහ මග සුබ නිමිත විය උවැසිය දුටුව
සුදු සෑ මළුව වට දෙදරන සාදු නඳ
ශ්‍රද්ධාවටම දැයි යටි සිත අසන විට
ගිනියම් මළුව මත කකියන දෙපා යුග
සාදු නඳට උස් තනුවක් මවන හැඩ
රුදු නියගයක නිල් දිය රැඳි ලිං පත්ල
සිහියට නගයි යටගිය දිවි නෙතු කැල්ම
තෙල් මල් පහන් ඖෂධ අල්ලසක් ලෙස
පුදදුන් ඇයයි මරණින් මතු සුව යදින
ජීවිත ගමන කෙළවර වන මොහොත වෙත
ළංවුන තැනද අත්හල හැකි දෙයක් වෙද
පුදදී මල් පහන් බොදු අල්ලසක් ලෙස
මරණින් මතුද ලොල් වූ දෑ ලබන සිත
දරු මුණුපුරන් බඩ බැඳ නිසි කල වයස
ගෙව්වේ ඇයයි සිතමින් ජීවිතය ලෙස
විඳවීමම උරුමය ලෙස දිවි කතර
තැබු පිය සටහනට අද සිත කලකිරී ඇත
දරු මුණුපුරන් දුසිමක මහ මුල් පුරුක
වූ හේතුවෙනි ගමනට දැඩි කඩුලු වැට
සමාජයක වැට කඩොලින් මගහැර
යන්නට නොහැකි ලෙස සිත් ගැට බලවත්ය
විඳින දිවිය සොඳුරුය තෝතැන්නක්ය
විඳවන දිවිය කටු කොහොලින් බරය
සසර ගමනෙ මිනිසත් බව මොහොතක්ය
සිතමින් දිවිගෙවන යුවතිය උවැසියය
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment