ඔහු;
උගත් කඩවසම් කුලවත් පවුලේ එකම පුතු
සපුමල්.......
මොන්ටිසෝරි ගියා
පාසල් ගියා
වාසිටි ගියා
අවසන ආණ්ඩු කන්තෝරුවක
සිසිල සුවඳ දෙන කැබීනයක්
සපුමල් නමට ලියවුනා.......
ඇය;
උගත් රූමත් කුලවත් චරිතවත්
පවුලේ එකම ගැහැණු දරුවා
රන්මලී.......
සැමට සැමදා රම්‍ය සුරම්‍ය සුභ වුන
එකම වහල යට
දැන් සපුමල් රන්මලී දෙදෙනෙකු නොවේ එක් කෙනෙක්.......
රන්යැයි කියනා හුයෙන් ගැටලා
අතපැන් වත්කල මොහොත සිහිකර......
රැල් බුරුල් හැර මංගල සභාව දෙදරවමින්
ගමේ ඉස්කෝලේ ප්රින්සිපල් මහතා
දුන්නු සාක්ෂිය.......
ගමේ සීල සමිතියක
"නිවනට කෙටිමග"
යන මැයෙන්
"මෝටිවේෂනල් ස්පීච්"
සිදුකරන
සපුමල්ගේ මව් මාරතා නෝනා,
සිය නිවසේ එළිය දෙන ලේලියව
යසෝදරාවට ගැටලන්න උත්සාහ ගත්තා.......
ඒත් කෝ අක්කේ එදා මහාමායා.....?
කට කැඩිච්ච කතාවම යතාව කොටගත්
උපාසකියක් හෙමිහිට හූමිටි තිව්වා.......
දෙදෙනා එක්කෙනෙක් වී
ගැටලුම් ලිහුම් මැද
පස් අවුරුද්දක අවසන
දෙවරක් කිරි සිහින සැබෑ වුන තැන
දැන් තුන් දෙනෙක්.......
රණ්මලී මාරතා එකට ගැටලීමට
රන් හුයක් තබා කොහු කඹයක් සෙවීම
තම එකම භාරධූර රාජකාරිය කොටගත්
අන්ත අසරණ සුදු පුත්
"සපුමල්".......
රම්‍ය සුරම්‍ය සුභ අරණ තුල
යසෝදරාව මහාමායාව එකට ගැටලූවේ නම් සිදුහත්.......
කටෝර ගෘහස්ථ දුෂ්කර ක්රියාවක අවසන
අභිනික්මනකින් තොරවම
මාලිගාව තුලම බුදු වනු ඇත....
අප මහා බෝසත්
සිදුහත්.......
සිය රාජකාරී බිනික්මනක අතරමග
දුම්වැටියේ අළු දඹු කඩන අතර
සපුමල්ට සිතුනා......
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment