ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ඉතිහාසයේ ප්රථම වතාවට අවිස්සාවේල්ල පුවක්පිටිය ප්රදේශය හරහා ගලා බසින සුන්දර ඇස්වතු ඔය පිටාර ගොස් ජීවිත වස්තු දේපල විනාශ විය.....
කෙටි
කාල පරාසයක් තුල පොලවට පතිතවූ වර්ෂාවක්...???
අපිට
දැනුම් තේරුම් ඇති කාලයක මේසා
වර්ෂාවක් වැහැලා නැහැ…???
මේසා විනාශයක්
වෙලා නැහැ…????
කාගෙ කාගෙත් මුව පිලි රැව් දුන් විශ්මය ජනක ප්රශ්න කිරීම් එසේ විය.....
එය එසේ සිදු
වූයේ මන්දැයි හේතුවක් පැවසීමට සමත් අයෙක් ද
නැත......
නමුත් පිලිතුර සරලය...
ස්වභා දම් යතාවට හැමෝම අවනත
විය යුතුය...
-----------------------------------------------------------
සම සිතින් දැහැනකට
සම වැද
සොඳුරු පිරිපුන් යුවතියක ලෙස
අහිංසක දුක් පින් කදක්
කොට
යන්න ගිය ඇය
සොඳුරු ඇස්වතු ඔය
ළපටි දියතක් කල
ලැබුන අණ
පසක් කර ලෙස
නියත විවරණ
කැළණි මුවදොර පෙම් හැඟුම් මැද
තුරුළු වුන ඇය
සොඳුරු ඇස්වතු ඔය
දහස් රන් දෙව්
කන්නලව් මැද
මුව පොවගෙ දුක
පැණි රසක් කොට
මිණි තලා පිරි
කුසෙහි යටකොට
සතපවා ලැසි ගමන ගිය
ඇය
සොඳුරු ඇස්වතු ඔය
ඉවුරු දෑලේ සැහැසි
කම් මැද
බඩත වැලි සීරුම්
රිදුම් විඳ
"මොවුන් වෙනුවෙන් ඉවසමියි" මම
රහස් සඟවා හැඬූ
ඇය
සොඳුරු ඇස්වතු ඔය
ඉවුරු දෑලේ අඩවි දන
වෙත
සිය කුසේ කඩමලු
පුළුටු ගෙන
දුක් රිදුම් අවනඩුව
වද දෙන
සැකෙවින් කියූ ඇය
සොඳුරු ඇස්වතු ඔය
වරක් දෙවරක් දුන්න
ඔවදන
නොසඟවා යලි යලි පසක්
කොට
රිදුම් තව පිරිමැදුම් බැරි
තැන
කුපිතවී බොටුවෙන් සිඳූ ඇය
සොඳුරු ඇස්වතු ඔය
විසෙන් සැම විස නසා අවසන
සිතින් සිත පෙර මතක
අතුරණ
උණුන් දැක සිය මුවදොරට
වී
ඉකිබිඳ හඬන ඇය
සොඳුරු ඇස්වතු ඔය
----------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment