යකඩ දැල්
වට ජනෙල්
හතලිහක් පරඬැල්
ළපටි සිත්
එක පෙලට ගාල් කළ
අපේ පන්ති කාමරය.......
කිරි කිරියෙන් නටන
කකුල කොර ගුරු මේසය
මූණත කඩතොළු වැසූ
දූලි කඩමළු මේස රෙද්ද මත
රට හුණු කුඩු බෙදන ඉටිමල් පෝව්චිය
අසල පන්ති වාර්තාව සුළඟින් බේරන
ගෙවුන රට හුණු කෑලි දෙක තුන රැඳුන
පෙට්ටි කැබැල්ල.......
ශාක ප්රජනනයටම ඇඟෑළුම් පා
අංකූරෝ රැළක් මැද
මිනිස් ප්‍රජනනය කොරන්ඩ ගොස්
විජලනයෙන් හෙම්බත් වුන
අපේ විද්‍යා ගුරුතුමී දැක සිනාසුන
සදා නොවෙනස් ටයිකොට ප්‍රින්සිපල් සර්.........
අක්ෂාංශ දේශාංශ චුම්බක ක්ෂේත්‍ර මැද
මෝහනය වුන වොට්සන් දැක,
හතර හිනාවෙන් මුව සරසා ගත් ජිබ්බා සර්.......
නල දමයන්තිට කට උල් කර කර
දත් දොර වසාන සිනාව වලකාගත්
කොල්ලන්ට ම ජාඩියටම පෑහෙන මූඩිය
ආතල් සිංහල සර්.......
විද්‍යා පොත කෙළවර
ගැටපද විවරණයෙත්
පද දෙක තුනක් හැර
විද්‍යාවේ සියල්ල පරතෙරට අතැඹුලසෙ දත්
අපේ නලින් අංකූරටම හරියන
විකී සර්.......
ජුලියාගේ දින 28 අසනීප කසු කුසුව
මල්, වැල්, ගල් පත්තර....හින්දි චිත්‍රපට මැද
අංකුරයෝ... අංකූරෝ රැලකට
වාසිටියට පාර කැපූ "බුද්ධි භවන".......
අදත් එදා මෙන් කතා මවන කතා සාප්පුව
අපේ සොඳුරු පංති කාමරය.......
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment