සඳ කළුවර ගත දවටා නිදි යහනට ගොඩ වදිද්දි
හිරු සයනෙක හිස ගවසා වලා රොදට තුරුල් වෙද්දි
රළු ඉඩෝර නසනා නා කපනා වැහි බිම් තෙමද්දි
එන්නම ඕනැයි පැතු ඔබ යන්නම ගොස් අප හිඳිද්දි
කළු ගං මහවැලි උල්පත් මහ වන මැද සොයා යද්දී
තුරු උස් මත වන සියොතුන් තැබු පා සටහන් දකිද්දී
උන් කඳුලැලි හෙලනායුරු ගං දෑලක් නිඳි වදිද්දි
උකුල පළල් ගංගාවියො හඬයි සුවඳ මුහුව එද්දි
කළ හැකි වැඩ මෙතෙකැයි තරම් නොවන බව හැඟෙද්දි
විකල්පයක් රටට නොදී තැබු සටහන් නෙත ගැටෙද්දි
බව දුක බව කර්ම සැමට යථාවක්ව පසක් වෙද්දි
සසර ගමන සුව වේවා නිවනට නිසි සුබ පතද්දි
මෙම කෙටි කව ජැක්සන් ඇන්තනී නම් වූ ප්‍රතිභාපූර්ණ රංගධරයාට උපහාරයක්ම වේවා.....!!
-----------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment