උපන්නේ අගු පිලේ හන්දා
සුලංකෝඩය පින්න වින්දා
ගොම්මනේ සිත් රුවන පරදා
තිඹිරි ගෙයි ලද නමයි නන්දා
වැලි පිලි පෑන පොත පැන්සල දුරස් වුන
හිමි නැති බිමක් විය විදු වාසිටියෙ බණ
හැම දින හැම විටෙක දිවිගැට ගහන පැණ
විසඳුම් සොයන රිසියෙන් ගත වෙහෙස උන
කලගෙඩි බින්ද නහවා පිරු ගෙට ගත්ත
මොහොතක් නැති වුනිය සුබ නැකතට ගත්ත
සුදුමල් පිරුවටය හුරු සිහිනිඟ පැත්ත
රැඳුනයි කහට කුල මල කිලිටුන වස්ත
බේකරි බක්කරේ කිරි කට්ටියෙ සෙවනේ
හිරිමල් යෞවනය මැදිවයසත් ගෙවුනේ
වැදුනත් හීසැරය හද බිම කිති කැවුනේ
රන්දම් අහිමි විය මල්පෙති ගෙල බැඳුනේ
හිමි සඳ දුටිමි සිව්
දශකය ගෙවුන දින
බොඳවිය සිහින සිත් සත් මහලෙහි රැඳුන
රස මසවුළුව හිඟ
ලිප ගිනි දැල් නිවුන
කට ගැස්මක් වුනිය
ගල් කාලට බැඳුන
No comments:
Post a Comment