ගඝන තල අරක්ගත්
පාට පිරි දේ දුන්න දැක
ලොබ බැඳ මනරම්ව
හදේ ඇඳි සිතුවමට.......
අසුන් ගෙන සන්සුන් ව
දෙකෙළවර ඈ සමග
සන්සුන්ව විමසුවෙමි
මෙය නේද ඔබ දුටුව
වර්ණිත ලෝකය
සිතින් සන්තකවු ඔබ නමට.......
පාට පෙරහන්ව සිනහවක් පෑව ඇය
හැරුනි පවසන්නට යමක්
සීරුවෙන් මා දෙසට.......
නමුත්.......
කොහිද අප අසුන් ගත්
පාට පිරි දේදුන්න
එක්ව අදටත් සොයන
වර්ණිත වියන් යට
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment