යහපත් පැවිදි දිවියක් ගෙවූ අයෙකු උපැවිදි බවට පත්ව ඉන්ධන පිරවුම් හලක පොම්ප ක්රියාකරවන්නෙක් ලෙස සේවය කිරීම සමාජ සංසිද්ධියක් ලෙස කවි නිමිත්ත විය.
----------------------------------------------------------
තෙලින් කරවුන පාවහන් මත
එදා මෙන් අද සැහැල්ලුව නැත
ඉන මිටට පඬු පැහැ ඩෙනිම ඇඳ
සිවුරු හිස්කොන් පුරවන්නමද හිත…. ???
යෙහෙන් දනවන ඉණපටිය බැඳ
මුචලින්ද පෙම ටැටූවට ඇඳ
ඉන කඩමලුව දිවි දහම කොට අද
තෙල් පොම්ප බුදු දහම කොට වැඳ
සුනංගුව ඇය ගෙයින් ඇවිළුන
පරක්කුව කඩි කුලප්පුව වින
පාත්තර පෙර පිංසාර පිදු ඇය
පිළිවදන් අද තෙලින් බේරෙන
අඳණ කඩ කුටි සැහැල්ලුව අග
වින්ද දිවියේ නින්ද නොපෙරෙන
දෙනෙත් පට සළු පෙරහන් කඩගෙන
තෙලින් ගිණි ගත් දහම් බිඳ පෙර
දෙපා යටි පලු පැලී ඇවිලෙන
කකියන පා නඟා හිඳ හෙට
බුදු පහන් තිර නිවා අබ තෙල
පා පැලුම් බිඳු රටා පුරවන
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment