මා නොදැන පැතුව රුව
සිත අග පහන් කලා නෙතඟින්
මා තනිව සැඟව ගිය මග
ඔබ දැන වසං කලා රහසින්
විසිරී ගිය හසරැල් අග
පැටලුනු සොඳුරුම අනාව
සඳට කැමති සිත
කිරි සිහිනෙක මල් ගෙනාව
දිය දෝතින් මුව පොඟවන
ජීවන වෙහෙක නිමාව
කටු පොකුරුක මල් පුබුදන
තණ මත පිණිබිඳු තලාව
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment