බුදුන් වඳින්නට පෙරහැර තරඟය පින් ඇති මහ බෝ සෙවනේ
පියගැට පාමුල අඩ සඳ පහනේ ගැටෙනා පා හඬ ඇසුනේ
අපා දෙපා සිවුපා හඬ මැද ඇත් අස් ගව හඬ මැකුණේ
පිණි කැට මුහුවට පිපෙන නෙළුම මත ගල් කඩතොලු ඉරි ඇඳුනේ
අඩ සඳ පහනක ගැටෙනා පා හඬ මා හද සිත පාරවනා
ඇත් අස් සේනා ලියකම් වැණුමට අගය නොදෙන බැති සේනා
පා යුග නොතබා යන්න නොහැකිදැයි මගෙ සිත උන්ගෙන් අසනා
කැටයම මත ගල් කටු මිටි නොතබන ගල් වඩුවා මම "හඳුනා"
පෙනෙන ඇසෙන ඇස් කණ් ඇති හිස් සිත් ගල් හිටි පිළිමය වඳිනා
බුදු සිරසේ අග දෑස් කෙවෙනි මත ගිහිගෙයි යැදුමන් යදිනා
දුප්පත් ගල් වඩුවා මම වෙමි සිරසට පණ නල පොවනා
දහමට තැනදී බුදුන් පුදන සිත්කොතැන කොහිද නැත හඳුනා
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment