තුරු හිස් මුදුන් වල
දැක ඉසුරු පල වැල
පැටිවියේ මතකයක
නැලැවෙන කරල් දැක
දැක ඉසුරු පල වැල
පැටිවියේ මතකයක
නැලැවෙන කරල් දැක
සතුටින් කිරි වැදී
බුසල් භාගය පුරණ
සතුටු මෙත් සිත් වඩන
සිතින් නිති වැඳ පුදන
සායමින් හැඩ නොවුන
පියාණන් ගත රැඳුන
නොමැකෙනා ටැටූවකි
කරගැහැට පිරි අත්ල
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment