වාමන රූප නෙළුවේ පිය ගැට කොණක
ලියවැල් පියුම් පත මැද හුරු දුක නොදැක
රජ රණ් කහවණුව දැක හැර දිවි පසෙක
බහිරව සිතින් යලි ඉපදුනි පසු කලෙක
සිල්වත් බිමකි සුදුවත් රූ සතර අත
සැම අත් රැඳුනි පස් පියුමින් පිරුණු වත
දෙව් මහ බඹුන් පුදනා මල් අතින් අත
දැඩි පා රැඳුනි වාමන රුව දෙඋර මත
යනෙන සැමගෙ ඇගයුම් ලද කලාවකි
කඳ බඩ නොගැලපෙන මුත් හොඳ නිමාවකි
විස්කම් පිරුණු නිමවුම් කරු නොදත්තෙකි
රට කෙරු රජට දිවිදුන් පීඩිත රුවකි
තෙල් මල් පහන් තිර හිස් මත පතිත උන
වාමන රුවගෙ හිස් මත පා සළඹ ඇන
තරඟෙට රළු දෙපා හිස් මුදුනත තබන
වාමන කෙඳිරි හඬ සොයුරනි අසනු මැන
තරඟෙට පිදුම් පුදනා අප සිතුවාද ?
වාමන රුවට ඇති සබැඳිය හැඟුනාද ?
අප සැම රජ පයට යට පීඩිතයන් නොවේද ?
පස් මහ පියුම් පිදු තැන පුද බිමක් වෙද ?
මල් පොකූරකින් නිල් මහනෙල් මලක් ගෙන
පුදබිම හතරවට රැකවල් ගෙන සිටින
වාමන රුවින් හිඳිනා අය සමව ගෙන
පින් පමුණුවමු පතමින් බුදු සරණ යන
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment