සිල් සමිතියක මහසුන් ගත්
උවැසිලු නමට තැන්පත්
සියොලඟ නිතොර සුදුවත්
පව් සිත් තොරයි රහසින්වත්
ලපටියො දියඹෙ කුල්මත්
කොරලියො හඹති සැම අත්
කරක් කටෙන් ලා ගත්
කූරියා පනියි උඩු අත්
කූරියා දුටු ඈ කුල්මත්
අර බල පුතේ අතනත්
කටු නැති කොරලි රසවත්
කීවත් උවැසි සිල්වත්
හුදකලාව ප්‍රිය කෙරූ
මාල වලලු ඇඟෑලුම දුරු කෙරූ
හිටිවන කවිය තොල් මැරූ
තනිකඩ චන්දරේ වත්තෙ මුරකරූ
මල් පැන් වඩිය රස පෙරූ
කන මඳුරුවකු නොව මැරූ
සිසිලට කොල දුමක් ඉරූ
සිල්වත් චන්දරේ දුටුවේ කව්රූ
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment