සුසුදු අරලිය නෙළුම් මල් මැද
රෝසමල් හද මැද තබා
මලක් පිපි තල ගසක් දැකුමෙන්
ගමක් වලලන වෙරොනිකා
කවුළුවෙන් එන නෝට්ටුව දැක
ආත්මය උගසට තබා
බිඳක් වැටෙතැයි බිමට බය වී
සීරුවෙන් යන වෙරොනිකා
උතුරු සලුවට යටින් හෙමිහිට
තැලුම් පිරි මැදි උපාසිකා
දෙස බලා ඔච්චමට හිනැහී
සාදු නඳ දෙන වෙරොනිකා
මදු විතට තොල කටගැස්ම උන
උවැසියගෙ හද කන කොකා
කලින් දා ඇගෙ නින්ද වනසා
බවුන් වඩනා වෙරොනිකා
සමිඳු වැඩ දසසිල් පුරන විට
උතුම් සම්බෝධිය පතා
බුදු ගෙයට වැද මුචලින්ද දැක
පව් කමා කළ වෙරොනිකා
ඉල්ලමේ ගං දෑලේ වෙහෙසී
මතට පෙම් බැදි හිතවතා
දුසිමකට වැඩි මනස් අල්ලස්
දී නැසූ ඇය වෙරොනිකා
දම් විසුද්ධිය මග හොරෙන් යන
මත් පැනින් සුදු මල් දොවා
පෙලින් පෙල පණ මුලින් සිඳ දැමු
ගමක් නැසු ඇය වෙරොනිකා
ඝණ්ඨා පලමින් හේවිසි ගසමින්
ගමේ අහුමුලු තැන් සොය
ලබන්නට බැරි සැඟවු දේ ලෙස
නිවන සොයනා වෙරොනිකා
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment