සස.....!!!
ඉරෙන් ගත් එළියට ණය කුලී ගෙවමින්
අළු දූලි කුණාටු සහිත බිමක...
හුස්ම පොදක් නැතිව...
පෘථිවි වාසී කවි නටුවන්ගේ
නැති සිසිලසක වැනුම් ඇඳුම් ඇඳ
තවමත් රස්තියාදුවක...?
හාවා හඳත් හඳ හාවත් හැර යාද
එහෙනම් මිතුර මම අමතක නැහැ නේද ?
කෙතරම් මෙලෙස කව් පබැඳුම් ලීවාද
ලිව් කිව් කවක් නුඹෙ කණකට ඇසුනාද ?
ඉමක් කොණක් නොපෙනෙන ගඝනත අතර
හිරුගෙන් එළිය නොලබන බිම් කඩ කවර ?
දහසක් එලිය දෙන එම තරු බිම් අතැර
සොමි සඳමතම ළතැවෙන හේතුව කවර ?
අටුවා ටිකා ටිප්පනි කව් පද අතර
දුටුවා කවීන් පමණක් සිසිලස නිතොර
සිටුවා පාද ගිණිගත් බිම් වැලි කතර
හැඬුවා මඳිද බිම හැර යනු කල් නොහැර
------------------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment