වහගෙන..
සඳ ග්‍රහන බලන කලු කණ්නාඩියෙන් දෑස් අඩවන්ව
නයි ගං දෙබෑ කරන
සැලොලයිඩ් තිරය මත
මසුරං විනිසුරං මැද
තරු රැළක එකෙක් නොවී....
මොකට නොහැකි කවි ලියනවද ගොනෝ ?????
මනමේලා අන්දරේලා වී
සල්පිල් මල් වට්ටි පොලේ
ඝණ්ඨා කණුව බඳින්න
බඩ පිනුම් ගහන
බරි බුරි වනන
කොමිටල් විජිතයේ
ජෝකර් කෙනෙක් වෙයංකො බං...
කණාවටවත් දින්නොතින්.......
මහම මහ ලොකු ගෙයක් මදිවට
රෝද හතරේ මාලිගාවෙ කිරුළ පලං රජෙක්නෙ බං....
-----------------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment