හතර අත වට සිනහ වැල් මැද
රණින් ගැට බැඳ බලෙන් එක්කළ
හැඟුම් මැද දැඩි ගිගුම් අශ්ඨක
ඝෝර හඬ මැද පෝරු මස්ථක
සාරි පොටකින් ලිහී සර සර
මුතු පබළු පොට විළඳ පොරි මෙන
කිසිත් දකිනට ඇසක් එහි නැත
සැවොම ඔබමොබ පිරුවටයෙ රත ගැන
සක් දවුල් ජය මඟුල් හඬ
මැද
දෙඅත්දෑඟිලි රන් හුයෙන් බැඳ
බොහො උන් හෙල කුල සිරිත් මැද
අතින් අත යයි මදුබඳුන් පෙල
එලා උන් සැම පිරුවටය මත
සිතින් රිහර්සල් මදුසමය ගැන
සැමගෙ සිත් තුල මවයි සිතුවම
දෙදෙනා රඟ දෙන සයනයක සුව
නුරාවෙන් පිරි මඳහසින් ඇය
ඔහුට ළං කොට සාරාගී නෙත
ඉඟි කරයි පෙර ඇන්ද
සිතුවම
නටන උන් රැළ කිසිත් නොසිතන
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment