එදා...
කඳ කුමාරයා පෙම් බැඳි
වල්ලි අම්මා....
අද...
කුණු කඳු යට කසල අදින...
පොදු වැසිකිළි දොරටු අසල කාසි යදින...
දළු කූඩෙට දිවිය නෙලන...
හරිත තේ වතුයායේ
කට හප රතුපාටින් සුන්දර සිනහ පාන...
සොඳුරු වල්ලි අම්මා......
පෙලින් පෙලට එකින් එකට චෙක් රෝල්ලු පිටු
පෙරලන ඒ නිමේෂයේ ලියවෙයි කවි නටු
වල්ලි අම්මා චෙක් රෝල්ලු බර සොච්චම දුටු
ගිල් වුන ඇස් කොණින් බලන දෑසෙ කඳුලු තුටු
පෙට්ටි ලයිම් කාමර යට හැපේපෙන ජීවිතය
තේ දල්ලේ නිල් මුසුවට කඳුලු මුහුවු රසය
සොච්චම් චෙක් රෝල්ලු බර සහ බර ජීවිතය
හෙට්ටු කරන ලංසුව දෝ අත සොච්චං පඩිය
දරු මුණුපුරු පරපුරක්ම තේ කන්දක ගවසා
මසින් මසට චෙක් රෝල්ලු බර ගැන සිත විමසා
අලින් සමග රජුන් තැනූ උන්ටම ඉඩ සලසා
වල්ලි අම්මේ මේ පඩියෙන් දිවි ගෙවන්නේ කෙලෙසා
දින සති දස මස ගෙවමින් දස වසරක අගක
වල්ලි අම්මා චෙක් රෝල්ලු පොතේ නොමැති විටෙක
විමසා බැලු මා ඈ ගැන ඉන්නේ කොයි දොහක
ගිලන්ව අසරණවූ ඈ ඉන්නේ ළණු ඇඳක
සකල සබ්බ ඇගෙ දිවියම තේ වත්තක වනසා
දරු මුණුපුරු කඩමලු පොදිඒ වත්තෙම සනසා
චෙක් රෝල්ලු පොතෙන් මුදල් පොතට පැමිණි විගසා
වියදම සටහන් වූයේඈ මල බව පවසා
ඇය යටියන්තොට සැම්වික් වතුයායේ ජීවත්ව
මෑතකදී වියෝවූ වල්ලි අම්මා නම් වූ වයෝවෘද්ධ කම්කරු මාතාවයි.
ඇගේ සසර ගමන් මග කෙටි සොඳුරු කව් පබැදුමක් ම වේවා....
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment