නලියන හොර කම්මැලි කමට නිදියන
හිමිදිරි ලපටි කහට කසල මා සිත වනසන
කෙඳිරිය අහුමුළුවෙ වැල මිට වැද එන
අත්තමේ.... කොහිද ඔබ අද....?
කුප්පි ලාම්පු එළියෙන් ඇවිලෙන
රටා පන් පැදුරු වට තල ගොබ මාගල මත
මීතෙල් සිද්ධාලේප දාහය ගත තවරන
දහඩිය මුහුව එන සුවඳින් මුව ඉඹ
මුණුපුරු සෙනේ වැපිරූ
අත්තමේ.... කොහිද ඔබ අද....?
අගනුවර කොනකට යාබද
ණයකරු නිමවූ ගල් අත්තිවාරම මත
බ්රොයිලර් කුටුම්භය දෙවුර මත සරසන
ලියගේ දිස්නය තව තව වඩනට
සයිබරයට වසංකල සුදු සම්බෝල මෙනුපත
හීනෙන්වත් ඈට කියා දෙන්නට
අත්තමේ.... කොහිද ඔබ අද....?
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment