අවසරයි අපේ හාමුදුරුවනේ...
අපෙම දහම් පාසල් අගු කොටේ ඉඳ
කොලේ කුරුටු ගාන්නේ මේ...
ගං ඉවුර පාමුල රබර් කට්ටියේ
කිරි කඳුළු මුසු සපුමල් නෙලාදෝ
අහස් සිඹිනා පිළිම පාමුල
වියැටක් වන් උවැසිය පුදන්නේ.....
කැමරා එළි තරු ලෙලෙන පාටට
බරි බුරි රඟ තනන තාලෙට
නච්චගීතවාදිත විසූපදස්සන හසරැල්
මුවින් රහසින්දෝ වඩින්නේ.....
දම්විසුද්ධිය මග හොයාගෙන
රඟන වයිකිං වන්දනා රියෙ
හිමි සඳට පෙර අසුන පුදදී
තන්හා රතී මඳන හැඟුමින් රඟන්නේ.....
බුදු බව අතමිට මොලවා
දුෂ්කර අමු කට්ට නොකා
රජා තනා මිනිසුන් තනන්න
දෙටු උපදෙස් රජ පුටුවක
සුවසේ වැජඹෙන්න යෙහෙන්
නොසිතූ අප තිලෝගුරු බුදු හාමුදුරුවනේ....
සමාව අවසරයි...... ඔබ වහන්සේටත් වැරදුනාවත්ද ???
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment