සව්දියෙන් පිරි සාදයේ
හිස් පසුම්බිය රැඳි අතින්
සීරුවෙන් හද ලන්සු තැබු ඔබ
කොහිද කොතැනද සුමිතුරේ...
බතක්
ඉදෙනා පැලක් නැතිවද
රහත්
නමකට දනක් පිදු ඔබ
හිතෙහි
සන්සුන් සොම්නසක් රැඳි
සරල
සුන්දර සුමිතුරේ....
ඇසට
අවනත දෙපා තබමින්
කුහුඹු
හඬකට කැවිලි දන්දුන්
අන්සැපත
තම සැපත කොටගත්
අහිංසක
මගෙ සුමිතුරේ....
සියලු
සත්වග සොබා දහමට
යටත්
වග බුදු දහම වූවද
සොබාදහමම
සරදමක් කොට
නිවන්
සැප විඳි සුමිතූරේ....
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment