ඉන්ටෝල් සීනුව මිහිරක්ව වැයෙනවා
කටු කොහොල් අමිහිරක් සතර අත වෙලෙනවා
පෙරදිනක රූපෙට්ටි සිහින ගැට ලිහෙනවා
කොහිද නුඹෙ රූ සිහින යටි සිතම අසනවා
හින්දි සැලොලයිඩ් තිර හතර අත දිලෙනවා
බරි බුරි රඟ ලියන් කට
කොනින් හැලෙනවා
සයන කොන වයර්ලස් සුමිතුරා හඬනවා
බරි බුරි රඟ ගීත හීනියට ඇසෙනවා
කලු ලෑලි හුණු මැදින් සිහින වැල් සොයනවා
සුද මැද්දෙ කලු සිහින විතරක්ම ලිහෙනවා
පාට පිරි රූ චැනල් දුරයි
පුත කියනවා
කලු සුදු මැදින් හෙට පාට ලොව සොයනවා
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment