පුත නුඹ මා දෝතට වැද
රන්කිරි කට ගෑ තැන් හිඳ
රජ කුමරෙක් වුනත් මෙමට
රජ බිසවක් නොවුනයි මම
සඳළු තලෙන් බිමට නොබැස
බුමුතුරුණුවෙ පාද සලා
කර්කෂ ලෝකෙට පිටුපා
හැදුවේ නැත නුඹ කිසි දින
දෙවුර මතට දුක් කද ගෙන
හතර ගාත් උස් දැඩි කොට
මලක් නොකර හිත දැඩි කොට
දුක මුසුකර සැදුවයි නුඹ
අළුත් සහල් කිරිපිඩු දන්
සරස්වතිය පාමුල පුද
අතැඹුල කොට අකුරු නොදැන
අත්පොත් තැබුවේ මම පුත
දායාදය නොපතමි මම
නමුත් පුතේ දැනගන් නුඹ
දායාදය නුඹෙන් යදින
සරු අංකුර ලියලන වග
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment