නියඟළාවත් බාඳුරාවත්
එකම තැනකදි පැල උනා
යනෙන සැම තැන වශී මලකින්
නියඟලා තම අයිති අඩවිය
සොඳුරු ලෙස ඉඟිකර සිටිද්දී
නොසිතු මොහොතක බාඳුරාවට
සිනහ මුහුණින් හමු උනා
මහාඖෂධ පැණ් කුස දරා සිය
මලින් කරනා නිහඬ කාරිය
නියඟලාවට පසක් කරමින්
"නුඹේ සියොළඟ විෂ" යි කියමින්
බාඳුරා සිය පැරණි මිතුරට
ඔච්චමක් කර හිනැහුනා
මොකුත් නොකියූ නියඟලාවන්
බාඳුරා මර උගුල මඟහැර
සිය මලක් සිඹි සොඳුරු සමණල්
රුවැත්තිට ලෙන්ගතු උනා...
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment