ඩිජිටල් යුගයක දොරකඩ
සුදු බණ පද වැළඳ ගත්ත
ගොඩ සුදු කුමරුණි ගත සතපා
සිතින් එන්න ඇවිද යන්න
බිම්තැන්නේ වෙල්ලස්සේ
සිමං අප්පු මුනගැහෙන්න
කාටු පිහින අඬහැරයට
කණින් කොණින් සවන් දෙන්න
සිමං අප්පු කම්පාවෙන්
එපා අපව වැළඳ ගන්න
කාටු කමතෙ ඈඳි ගෙනම
සුදු කෙරුමන් කියා දෙන්න
රේල්ලුවක ගිය පමණින්
ඩොයිලිට ආවඩන වුන්ට
කෙත් වතු සාරය හප කොට
කෙළ පිඩ හෙලු හැටි කියන්න
ගුලි කෂාය චූර්ණ නැති
හෙල වෙදකම ඇති ඉසව්ව
පිල්ලි ගැසූ පුස්කොළ පොත්
පිටු පෙරලා කියා දෙන්න
අංගම්පොර අංකෙළි පොර
අපේ කමට පහර දුන්න
ගුරු මුෂ්ඨින් ඩැහැගත් වග
ගොඩ සුදු පැටවුනි අහන්න
එක්නැලිගොඩ මොල්ලිගොඩ
පරපුරෙ පලුවක් විලසට
සුදු රජකම් අගයන් උන්
බලු නොවටින වග කියන්න
සුදු පැටවුනෙ ඇට නැති දිව
එපා සතර අත වනන්න
ගතින් සිතින් සන්සුන් වී
බිමේ හතර කොන බලන්න
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment