
උයනේ හොඳම බංකුව රැඳුනේ
රූස්ස ගහ යට කෙළවරක
පුරුදු අරලිය සුවඳ අතර
මා කැමති රතු රෝස.....
ලිහාගත් බත් මුල තනිව
රස විඳින අතරතුර....
පා තබා සීරුවට සුමුදු සිත ගොඩවදින
ඔහුගෙ මසවුළුවවූ සුවඳ කොල මැල්ලුම......
විථි පුරා යනෙන අතර
සිනා මල් පාට ගෙන නෑඹුල් හිරුට ළඟ
සිතුවමින් හැඩ ගැනුන
හෙටක් මැවු සුබ සිහින....
නොවී මා ගැහැණියක ඔහු ලොවේ සැරිසැරුව
කිරි සිනා සිහින මැද රැජිනක්ව පින් යදින
අදත් මා...... ඒ ලොවේ නෑඹුල් පෙම්වතිය
සිතින් සුදු මල් පුදන.....
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili

No comments:
Post a Comment