හරිත වන ලැහැබ මැද
ශේෂ වූ ශිඛරයකි......
අප්සරාවියන් පෑ
නුරා හැඟුමන් අතර
නිරිඳු සිත නිති කසන
මතක පිඬු ශේෂයකි......
කිලිටි නොකිලිටි සිතළු
සිතක ලියු කව් පතුරු
කුරුටු ගී ගල් පුවරු
ශේෂ වූ තැන් පෙළකි.....
අතින් අත පියුම් පත්
සිතින් සිත පා කෙරුව
අප්සරා රුව මතක
ගල් පුවරු ශේෂයකි......
යනෙන සැම දින දකින
වාසිටි මතකයක්
පැල කෙරූ කටු පොකුරු
අග පිපුණු මල් නෙළණ
එහි මතක ශේෂයකි......
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē
Sithuvili


No comments:
Post a Comment