ළගින් සිටියත් සිතට ළංවූ
නුහුරු නුපුරුදු පාළු මංකඩ
මුවදොරක බව සිතෙහි අහුමුළු
ළඟක සිට මට තදින් දැනෙනා
ගෙතුළ අගුපිල වත්ත පිටියේ
එපිට ගමැද වට දෑල කෙළවර
උලා කෑ පෙර මතක බිඳ පොද
සීරුවෙන් හිත් කොණක වෙළුනා
ඉවතලූ කිරි සුදු ඇඳුම් පෙල
කවුළුවෙන් සඳ වතින් සැනසී
අවපැහැය ගත් රටා වසමින්
ඔබගෙ සුවඳින් සුදට දිලෙනා
ඔබම දැඩිකොට තැනූ දෑතට
අම්මේ ඔබේ බර පුළුන් රොදකට
ඉද්ද අතු අග පිපුණු කිණිතට
වඩා නැති වග නිතර දැනුනා
සති අග ශනිදා ඇමතුමේ
දහවල අලගොඩු මාළුවේ
සඳුදින හිමිදිරි අල බැදුමේ
සුවඳ කොහිද අද ? අම්මේ....! අම්මේ....!! අම්මේ....!!!
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment