ඔව් මල්ලිකා.... මම යකා... "ගස්
ගුණේ"
පොල් කඩනවා
තැඹිලි බානවා
ගස් අතු කපනවා
ඔව් මල්ලිකා.... මම යකා…..
ගස් බඩගා හවසට
අත බේරුව සොච්චම
ගෙන
කහට කෝප්ප හුරතලේට
සුං ගා කොළ දුමක්
අරින
ඔව් මල්ලිකා..... මම යකා....
පාන් භාගෙ දෙකට කපා
බඩ වියතට ඔච්චම්
කර
සුදුපැන් වඩියක් තොලගා
කට ගැස්මට උඹව
හොයන
ඔව් මල්ලිකා..... මම යකා....
බුලත් කහට දෙගල්දොරු
දන්ත සිනා පොකුරු විලිස්සන
කණාටු පා දණිසට උඩ
යාර බාගෙ කඩමළු දහමින් වසාන
ඔව් මල්ලිකා...... මම යකා....
සම්මතලු අසම්මත ලු
හැමදේම ගලන්නේ පල්ලමෙන්ලු
උඹත් ආව බෙලෙක් තහඩු
සැළුම් දොර
ඉබේ ඇරුණු සුළං රොද හැමදාම හොයන.....
ඔව් මල්ලිකා...... මම යකා...
සිරියලතා, ගුණවතී, බඩ පිස්සී
කොට නයනා
ගස් ගුණේ ගේ ලණු සයනය
සිරියහනක් බව නොදැනද ???
බෙලෙක් තහඩු සැළුම්
දොරින්
අභිනික්මන කළෙ හවසට....
ඔව් මල්ලිකා...... මම යකා...
මගුල් පොටෝවක මුනතට
කෝට් බෑය කින් රිංගන
සිහිනය ගුලි කර විසිකොට
උන් යන්න ගියේ දොර වහගෙන
ඔව් මල්ලිකා...... මම යකා...
මල්ලිකා.....
මමත් මිනිස් සරීර කූඩුවක්…
පත්තු කරන, ඇවිලී සීරුවෙන් නිවන.....
ඔව් මල්ලිකා මම යකා....
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment