මල් වැසි
පොද වැසි
මහ වැසි
අනෝරා වැසි
දෙගොඩ තලා යන රස රිසි...
ලයික් වැසි
හාර්ට් වැසි
HaHa වැසි
අවසන දුටිමි පුවතක් අරුමැසි...
මහ අරටු ගසක් බසය මත පතිතව
පුරවැසි පස් වගක් ගොස් ඇත පරලොව
සැම දෙන අවසන යුක්තිය පැතුව
සොබාදම් තුලාවද අපව මුලා කරන අපූරුව....
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment