උපමා රූප සිත් පෙලනා ගී වියමන්
නොලියා ඉන්න සිතුවද නුබ රුව දැකුමෙන්
තබන්නෙමි සටහනක් පුතුනේ සමාවෙයන්
සුන්දර ළමා විය නුඹහට අහිමි කළ
උන් කවුරුදැයි විමසන සිත් නොමැති කල
මනුසත් බවින් තොර හැගුමන් බිම පතල
මමද
කෙනෙකි නුඹෙ සිත් ලොව ඇදුරු කළ
පුරවැසි හැමගෙ අවිචාරී ක්‍රියාවක්
උරුම කළයි නුඹහට දුක් සැදෑවක්
දූවිලි තැවරි පායුග හැම වතාවක්
රුව කන අහර කියවයි ලොකු කතාවක්
මනුසත් ආකල්ප හැගුමන් නුඹෙ හොදට
ලියවූ සිත් සතන් මේ බිමේ නැති කලට
මිනිසුන් මිනිස් සිත් නැති උන් වුන කලට
රස මසවුළුව අහිමිය උඹේ බත් පතට
ජාතිවාද,දේශාරාග ඉදුල් කොට
අවස්ථා වාදි බෙදලා ඇත නුඹෙ පතට
මත්වූ පිරිස් හැමතැන ඇත ඒ රසට
මට දුක කැකුළු පරවෙන හැටි දකින විට
හැම දෙන නුබට සාදා ඇත දුරුකතර
දන්නෙමි නුඹට දුර බව බිම සිප්සතර
මැය
වැනි උන්ට හිමි විය යුතු ඉඩහසර
වෙනුවෙන් පෙරට එමු අප සැම කල්නැහැර
දුෂ්කර වැඩකි උඩගං බලා පිහිනීම
ඊටත් වැඩිය ගොං අල මොල පෑදීම
හැකි ඉක්මනින් මේ කරුමෙන් ගැලවීම
අරමුණු පෙරදැරිව නැගිටිමු අප සැවොම
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment