එකම එක අහස යට
කප්පරක් ණය අත්තිවාරමක.....
ඉමක් කොනක් නොපෙනෙන
රම්‍ය සුරම්‍ය සුභ සිහින දැක.......
රටා තිර සළු වියන
මකුලුවට බැන බැන…..
පයට හුරු විලිස්සා හිනැහෙන
දකුණු පාවහන
වැහි දියෙන් බේරාගෙන ….
මිටින් හල කුරුල්ලන්
හිනා සුවඳ දෙන කිරිල්ලන්…..
මලකඩ මල වාත මැද
මල යකඩ යක් මහල්ලන්…..
තුලාවෙන් මුලා කොරනට බැරි
අය වැය කලාවන්.......
පාවෙන යෝධ නැව් මැද
සීරුවෙන් උඩු ගං බලා පිහිනන්නන් …..
පාන් කියාගන්න බැරි ජීවිතේ
එකත් සතුටක්ලු ගලනා දෝරේ....
වාන් දොර ඇරෙද්දි සීරුවේ
වැවු දිය සැඩ පහර වනසයි ඉඩෝරේ......
ලොකූ කොලූ නෝ කෙයාර්
දෙවෙනි එකී හය් කෙයාර්
බඩපිස්සී ඩේ කෙයාර්
අපේ හැඟුම් ෆ්‍රී කෙයාර්
එකොනකින් ඇහුනා……..
එහෙනම් බබා අපි ලබන සතියේ ආයෙත් ක්ලිනික් යමු නේද.... ???
නිහඬවම සිතමින් හිනැහුනා…..
අදින දාන් අත ඉත්තෝ හඳුනාගෙන අදිමු නේද ???
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment