සෑම මොබයිලයකම;
අංකයක් ඇත.......
කර්ණ මී මදිරාවක්ව
දුරක හැඟුම් හඬ හද පිරිමැදුමක්ව
අතීත අනාගත පාහන ගැටළුමක්ව
රැව් පිළිරැව් සුසිනිඳු සටහන්ව තැබූ ඉමක්ව
පෙර පැවත.......
සවන් ලවන් යනත ඇමතුම් නොලදද
ළඟවීමම මහඟු දෙයකැයි
සිතට හැඟෙන.......
ෆෝටෝවක් ඇත.......
සිතුම් පැතුම් පිරි සිතුවමක්ව
නෙතට රසපිරි රසඳුනක්ව
මොහොතක දැක්ම කලක සිත නිවූ උඩමළුවක්ව
නෙත ගත සිත එක මිටට එක්කළ පබැඳුමක්ව
නිතර නොබැලුවද.......
ළඟවීමම මහඟු දෙයකැයි
සිතට හැඟෙන.......
වීඩියෝවක් ඇත.......
තොරතෝංචියකින් තොර
සැප දුක, ජය පැරදුම මග මුදාහල තක්සලාවක්ව පැවත....
වියෝවක හැඟුම් දළුලන
නිතර නොබැලුවද
ළඟවීමම මහඟු දෙයකැයි
සිතට හැඟෙන.......
මහඟු දෙයකැයි හැඟෙන දෙයක් ඇත.......
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment