නුහුරු නුපුරුදු බිමක පැල කොට
සාර සරිකොට
කර දඬු උස් මහත් කළ
කරාඹු ගස නුඹ.....
සඝ ගණට පනමක් දුන් සැබෑමුත්.....
උපන් බිමෙ හුරු සුවඳ පැල කොට
සුළං නැළැවිලි ගීත ගයමින්
දහම් සිසිලෙන් සේල ඇන්දූ
මහ බෝව නුඹ.....
කරාඹු ගසටම වදුල දුන මුත්.....
වැටත් නියරත් ගොයම් කෑසේ
දහම් සිසිලස සෙවණ වනසා
අඳනකඩ ඇඳ කපා සිඳලූ
මහ බෝව නුඹ.....
ඈලිමෑලිව ඈනුම් හරිමින් අද.....
අසාධාරණ මහ පුවරු අතැතිව.....විස්සෝපව.....
සංඝාධිකරණයක දොරකඩ අසලද ?
මහ බෝව ඔබ කොහිද ?
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment