මල් පිපුණට මා බලන්න
මගෙ හිත නුඹෙ සුවඳ ගන්න
හිමිදිරියේ මා මගහැර
ගියේ ඇයිද පරව යන්න.......???
තරු හැඩයට සඳ එළියට
අවනත රෑ කුමරියන්ට
පාට පිරුණු ලොවක් මැවුව
මගෙ ළපටින් බව නොදන්න
ඔච්චම් කර මග හැර ගිය
රෑ මල් කුමරියනේ අහන්න
නුඹ නොදන්න මා ගැයු ගී
නුඹෙ මල් මග සරසවන්න
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili


No comments:
Post a Comment