මහගිරිදඹ නගින සැදැහැ සිත් ගත් පෙලට අත්පහුරු යදම් මැද පහන් කණු එළියදී මග කියයි නිවන්....... පහන් වූ උදෑසන පහන් කණුවෙන් කණුව ලකුණු සටහන් ගණින කෙසඟ සිරුරක් සරයි පහන් එළි නිවන්....... පහන් කණුවෙන් කණුව වරු දෙකක පා සටහන් තබන පියගැට පෙළ මතම ගත වෙහෙස හැර බැහැර අත දිගැර එළි බෙදන පින් මගක …
හිරු ගෙන් රෑ මල් කුමාරියන්ට.......
නටුවෙන් සැලි මළ කුණක්ව වැනසුනෙ ඇයි පෙර පවක්ද ? පාට පිරුණු මගේ රුවට අකමැති මල් කුමරියක්ද.......??? මල් පිපුණට මා බලන්න මගෙ හිත නුඹෙ සුවඳ ගන්න හිමිදිරියේ මා මගහැර ගියේ ඇයිද පරව යන්න.......??? තරු හැඩයට සඳ එළියට අවනත රෑ කුමරියන්ට පාට පිරුණු ලොවක් මැවුව මගෙ ළපටින් බව නොදන්න ඔච්චම් කර මග…
මහඟු දෙයකැයි හැඟෙන දෙයක් ඇත.......
සෑම මොබයිලයකම; අංකයක් ඇත....... කර්ණ මී මදිරාවක්ව දුරක හැඟුම් හඬ හද පිරිමැදුමක්ව අතීත අනාගත පාහන ගැටළුමක්ව රැව් පිළිරැව් සුසිනිඳු සටහන්ව තැබූ ඉමක්ව පෙර පැවත....... සවන් ලවන් යනත ඇමතුම් නොලදද ළඟවීමම මහඟු දෙයකැයි සිතට හැඟෙන....... ෆෝටෝවක් ඇත....... සිතුම් පැතුම් පිරි සිතුවමක්ව නෙතට ර…
ආබාධිතයකුගේ සිරිපා වන්දනාව.......
පඩියෙන් පඩිය කෙතරම් අත පෑවාද අත්වැල මිසක දෑතක සරණක් වීද කළ කම් පවට නොලැබුණි ඇවිදින පාද බියකරු සසර මෙය බවවත් දැනුනාද සූසැට ශිල්ප සල්පිල් සුවදින් පිරුණ විදිය කොනක දුටු හුරු මුහුනකි තරුණ පව…
තාත්තා.......
අල්පයක් බැල්මකින් කල්පයක් ඉඟි කරන ස්වල්පයක් දී අදට මහමෙරක් හෙටට දෙන නීරසක් දැනුන තැන පැණිරසක් මුව තබන නිම්තෙරක් නොදුටු ලොව චරිතයක් නිති පුදන ------------------------------------------------------------------------- (සේයාරුව අන්තර්ජාලයෙන…
මහ බෝ.......
නුහුරු නුපුරුදු බිමක පැල කොට සාර සරිකොට කර දඬු උස් මහත් කළ කරාඹු ගස නුඹ..... සඝ ගණට පනමක් දුන් සැබෑමුත්..... උපන් බිමෙ හුරු සුවඳ පැල කොට සුළං නැළැවිලි ගීත ගයමින් දහම් සිසිලෙන් සේල ඇන්දූ මහ බෝව නුඹ ..... කරාඹු ගසටම වදුල දුන මුත් ..... වැටත් නියරත් ගොයම් කෑසේ දහම් සිසිලස සෙවණ වනසා අඳනකඩ ඇඳ කපා සිඳලූ මහ බෝව නුඹ ..... ඈලි…
අපි ආයෙත් ක්ලිනික් යමු නේද ?
එකම එක අහස යට කප්පරක් ණය අත්තිවාරමක..... ඉමක් කොනක් නොපෙනෙන රම්‍ය සුරම්‍ය සුභ සිහින දැක....... රටා තිර සළු වියන මකුලුවට බැන බැන….. පයට හුරු විලිස්සා හිනැහෙන දකුණු පාවහන වැහි දියෙන් බේරාගෙන …. මිටින් හල කුරුල්ලන් හිනා සුවඳ දෙන කිරිල්ලන්….. මලකඩ මල වාත මැද මල යකඩ යක් මහල්ලන්….…
කට්ටියක සැඳෑව.......
සොඳුරු සිහිනයකි එය රාස්සිගේ අව්ව මුසු ඉර බසින සැඳෑව....... රබර් ගස් දෙබල් ඉපල් මුහුණු දෙමුහුණු යාකර හෙටක් පතනා බිමක් මත රාස්සිගේ අව්ව මුසු ඉර බසින සැඳෑව....... කිරි කඳුල මුසු ඇස් කෙවෙනි අග කැකිල්ල ළපටි ගාල් පා පැහැරුම් රිදුම් පිරි මැදුම් හඬ මුවග ....... කට්ටියක ගේ අඳෝනාවක්ව කටිටියක ග…
ඈ කෙතරම් අහිංසක ද ?.......
මිනිස් නොමිනිස් සියලු සත්වග දැවී වැනසෙන සියලු දුම් රොටු නොපැකිලිව සිය කුස දරන අතර සුළං රොදකින් පවන් රොදකින් පැටල ගත සිත උලාකාලන හුස්ම පොදකට හිඩැස් වෙන් කළ ඈ... අහස..... කෙතරම් අහිංසක ද ?..... ------------------------------------------------------------------------- (සේයාරුව මාගේ ගැලර…
ගැටළුම්.......
ඔහු ; උගත් කඩවසම් කුලවත් පවුලේ එකම පුතු සපුමල් ....... මොන්ටිසෝරි ගියා පාසල් ගියා වාසිටි ගියා අවසන ආණ්ඩු කන්තෝරුවක සිසිල සුවඳ දෙන කැබීනයක් සපුමල් නමට ලියවුනා ....... ඇය ; උගත් රූමත් කුලවත් චරිතවත් පවුලේ එකම ගැහැණු දරුවා රන්මලී ....... සැමට සැමදා රම් ය සුරම් ය සුභ වුන එකම වහල යට දැන් සපුමල් රන්මලී දෙදෙනෙකු නොවේ එක් කෙනෙක් ......…
නන්දා.......
උපන්නේ අගු පිලේ හන්දා සුලංකෝඩය පින්න වින්දා ගොම්මනේ සිත් රුවන පරදා තිඹිරි ගෙයි ලද නමයි නන්දා වැලි පිලි පෑන පොත පැන්සල දුරස් වුන හිමි නැති බිමක් විය විදු වාසිටියෙ බණ හැම දින හැම විටෙක දිවිගැට ගහන පැණ විසඳුම් සොයන රිසියෙන් ගත වෙහෙස උන කලගෙඩි බින්ද නහවා පිරු ගෙට ගත්ත මොහොතක් නැති වුනිය සුබ නැකතට ගත්ත සුදුමල් පිරුවටය හුරු සිහිනිඟ පැත්ත …
බිළිඳුන්.......
පළල් පුළුල් රෝහල් කොරිඩෝර අවසන පටු ඇතුල් වීමේ දොරටු තිර විනිවිද එන දෙකන් බැඳ අගූළු ලන කිරි සුවඳ වාහක තනි ස්වර නැවුම් සෘති ගත බිළිඳු හැඬුම් දස අත ....... එකම හැඩතල ගත කම්හලක දවසේ නිමවුම මෙන වැදුම් ගෙයින් වාට්ටු මව්වරුන් දෝත් මුදුනින් පිලිගත් පංචස්කන්ධ සැකවින් ලකුණු කළ රෝස පැහැ ළපටි බිළිඳුන්....... මව්වරුන් ඔවුන් සෙනෙහෙන් ඩැහැග…
එය කුලී බිම් කඩක්.......
ප්‍රි ය සහෘදය....!!! සස.....!!! අනුනට කුලී ගෙවමින් තවමත් කුලී බිම් කඩක........ රස්තියාදුව...? ඉරෙන් ගත් එළියට ණය කුලී ගෙවමින් අළු දූලි කුණාටු සහිත බිමක... හුස්ම පොදක් නැතිව... පෘථිවි වාසී කවි නටුවන්ගේ නැති සිසිලසක වැනුම් ඇඳුම් ඇඳ තවමත් රස්තියාදුවක...? හාවා හඳත් හඳ හාවත් හැර යාද එහෙන…
අගේ වර්ණිත ලෝකය.......
ගඝන තල අරක්ගත් පාට පිරි දේ දුන්න දැක ලොබ බැඳ මනරම්ව හදේ ඇඳි සිතුවමට ....... අසුන් ගෙන සන්සුන් ව දෙකෙළවර ඈ සමග සන්සුන්ව විමසුවෙමි මෙය නේද ඔබ දුටුව වර්ණිත ලෝකය සිතින් සන්තකවු ඔබ නමට ....... පාට පෙරහන්ව සිනහවක් පෑව ඇය හැරුනි පවසන්නට
Popular Posts
-
එදා ... කඳ කුමාරයා පෙම් බැඳි වල්ලි අම්මා .... අද ... කුණු කඳු යට කසල අදින ... පොදු වැසිකිළි දොරටු අසල කාසි යදින ... දළු කූඩෙ...
-
ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශය හරහා ගලා බසින සුන්දර ඇස්වතු ඔය පිටාර ගො...
-
ඩිජිටල් යුගයක දොරකඩ සුදු බණ පද වැළඳ ගත්ත ගොඩ සුදු කුමරුණි ගත සතපා සිතින් එන්න ඇවිද යන්න බිම්තැන්නේ වෙල්ලස්සේ සිමං අප්පු මුනගැහෙන්න කාටු පිහි...
About Me
- ©®
- Developer: Prasanna Aluthge (B. Com Hons. Special / CBA of CA Sri Lanka) PICS (Pvt) Ltd. 392, Eswatta North, Puwakpitiya, Avissawella. Sri Lanka. Phone: + 94 777 777475 WhatsApp / Viber / imo: + 94 777 777475 E. Mail: princose.ltd@gmail.com
Search This Blog
Blog Archive
- October 2024 (1)
- September 2024 (6)
- August 2024 (51)
- July 2024 (6)